Google සමාගම මගින් ඉදිරිපත් කරන Google Translate, ලොව පුරා බොහෝ දෙනෙක් භාවිතා කරන වැඩසටහනක්.මෙමගින් ලෝකයේ තිබෙන භාෂා 60 කට අධික ප්‍රමාණයක් පරිවර්තනය කර ගැනීමේ හැකියාව පවතිනවා.වචනයක්,වාක්‍ය ඛණ්ඩයක් type කල සැනින් එය ඕනෑම භාෂාවකට පරිවර්තනය කර දීමට google translate සමත්.

නමුත් මෙතෙක් කල් මේ භාෂා අතර සිංහල භාෂාව තිබුනේ නැහැ.එය ලංකාවේ ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.නමුත් google සමාගමේ සේවය කරන ශ්‍රී ලාංකික උපදේශකවරයෙකු  වන
රොහාන් ජයවීර මහතා පවසන අන්දමට සිංහල භාෂාවද මෙම සේවයට ඇතුලත් කිරීමට දැන් කටයුතු යොදා තියනවා.ඒ අනුව සිංහල භාෂාවේ ඇති වචන භාෂා 60කත අධික ප්‍රමාණයකට පරිවර්තනය කරගැනීමේ හැකියාවත්,එම භාෂා 60ත අධික ප්‍රමාණයේ ඇති වචන සිහලට පරිවර්තනය කරගැනීමේ හැකියාවත් තව නොබෝ දිනකින් අපට ලැබෙනවා.


 ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ආදී ජංගම උපාංග පාවිච්චි කරනකොට මුණ දෙන්න සිද්දවෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඒව වැටීම්,සීරීම් වලින් ආරක්ෂා කරගන්න එක.දුරකතනයක් වැටෙනවා කියන එක හිතල කරන දෙයක්වත්, දැනුම්දීලා සිද්දවෙන දෙයක්වත් නෙවෙයි.ඒ නිසා වටිනා ජංගම දුරකථන බොහොම පරිස්සමින් තමයි පාවිච්චි කරන්න සිදුවෙලා තියෙන්නෙ.ඒ කාර්යයට නිතරම අවධානය යොමුකරන එක කාර්යබහුල කෙනෙකුට කරන්න ටිකක් අපහසුයි.ඒ ප්‍රශ්නයට යන ආකාරයක පිළිතුරක් වශයෙන් ඇමෙරිකාවේ Corning සමාගම, Display සඳහා යොදාගත හැකි  ආරක්‍ෂිත විදුරු වර්ගයක් නිපදවනු ලැබුවා.ඒ Gorilla Glass.ප්‍රතිචක්‍රීකරණය කල හැකි අමුද්‍රව්‍යකින් සැදී ඇති මෙය සැහැල්ලු,තිනි මෙන්ම ඉතාමත් ශක්තිමත් ලෙස නිපදවා තියනවා.
2010 දී ජංගම උපාංග වලින් 20%කට පමණ gorilla glass යොදා තිබුනත් දැන් එම ප්‍රමාණය ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා.
                                 Corning සමාගම gorilla glass 2,gorilla glass 3 ආදී වශයෙන් වැඩිදියුණු කරන ලද display සඳහා සුදුසු විදුරු වර්ග දැන් එළිදැක්ව තිබෙනවා.ඒ නිසා ජංගම උපාංග පාරිභෝගිකයන්ට සිය උපාංග වල display එකෙහි ආරක්ෂාව ගැන වගකීමක් දීමට එම උපාංග නිපදවන සමාගම් වලට හැකිවී තියනවා. 







Smartwatch, තාක්ෂණික ලෝකයට ලඟදි හඳුන්වා දුන් උපාංගයක්.නමුත් දැනටමත් සමාගම් කීපයක්ම ඔවුන්ට අනන්‍ය වූ ගුණාංග සහිත smartwatch නිපදවමින් එකිනෙකා තරඟ කරනවා.
samsung සමාගම නිපදවා තිබෙන smartwatch එක ඔවුන් නම් කරලා තියෙන්නෙ Galaxy Gear හැටියට.Galaxy Gear ගැන ඔවුන් නිවේදනය කලේ මේ මස මුලදී Berlin හි පැවති IFA ප්‍රදර්ශනදී.

අද(27) සිට මෙම smartwatch එක පෙර ඇනවුම් කර ලබා ගැනීමට අවස්ථාව samsung පාරිභෝගිකයන්ට ලැබෙනවා.
ස්පර්ශ සංවේදී තිරය,notification හා message බල ගැනීමේ හැකියාව,විවිධ apps සමග වැඩකිරීමේ හැකියාව ඇතුළු බොහෝ ගුණාංග නිසාත්, භාවිතය ඉතා පහසු නිසාත් මෙය ඉතා ජනප්‍රිය වෙයි කියල samsung අපේක්ෂා කරනවා.නමුත් තවම Galaxy Gear හොඳින්ම වැඩකරන්නේ Galaxy Note 3 smartphoneය සමග පමණි.

ඔක්තෝබර් මස 4 වෙනි දින සිට ජාත්‍යන්තර වෙළඳපලෙහි ඇලවිය ඇරඹීමට නියමිත Galaxy Gear  හි සාර්ථකත්වය පිලිබඳ, ඔවුන් සමඟ තරඟ වදින  Sony,PebbleMartian, හා  Qualcomm ආදී ආයතන ද බලා සිටින බවයි වාර්තා වෙන්නේ.


ලෝකයේ වැඩිම දෙනෙක් පාවිච්චි කරන search engine එක google...Google සමාගම අද(27) එයාලගේ 15වෙනි උපන්දිනය සමරනවා.සිලිකන් නිම්නයේ තියෙන බොහෝ විශාල සමාගම් වගේම 1998 වසරේදී  google පටන්ගත්තෙත් ගරාජයක.මෙතෙක් අපු ගමන් මග ගැන ඔවුන් අනිවාර්යෙන් සතුටු වනවා ඇති.මේ රුපයේ තියෙන්නෙ ඒ ගරාජය තමයි.



අද Google home page එක වෙත පිවිසෙන හැමෝටම වෙනසක් දැනෙන විදියට කටයුතු කරන්න google සැලසුම් කරලා තිබුණා.මේ වෙනස කුඩා game එකක් එකතු කිරීමට විතරක් සිමා උනේ නැ.ඔවුන් සිය search algorithm එකත් update කරලා තියනවා.මෙය මෙතෙක් google search සඳහා භාවිත කල තාක්ෂණයට වඩා ඉතා දියුණු එකක් බවයි ඔවුන් පවසන්නේ.මේ තාක්ෂණය  නම් කරලා තියෙන්නෙ  Hummingbird කියලයි.මේක නිකන්ම වචනයක් සොයනවාට වඩා බුද්ධිමත් විදියට search කරන කෙනාගේ උවමනාව අවබෝධ කරගෙන search result එක ලබාදෙන්න පුළුවන් විදියේ තාක්ෂණයක් බවයි පැවසෙන්නේ.කෙසේ වෙතත් google සමාගමේ දියුණුව සමග අන්තර්ජාලය භාවිත කරන අයගේ පහසුව නම් නිතරම වැඩිවෙනවා.ඔවුන්ට තවත් දීර්ඝ ගමනක් යන්නට හැකිවෙන්න කියල ප්‍රර්ථනා කරමු!! 


Samsung සමාගම ඉලෙක්ට්‍රොනික උපාංග ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් බව අමුතුවෙන් කියන්න ඕනේ දෙයක් නෙවෙයි.ඔවුන් නිතරම උත්සහ ගන්නේ තාක්ෂණික ලෝකයට අලුත් දේවල් හඳුන්වා දෙන්න.මේ news එක samsung සමාගම අලුතින්ම හඳුන්වල දුන්න නම්‍යශීලී තිරය පිළිබඳව.

                                           මේ වසරේ පවතී CES ප්‍රදර්ශනයේදී samsung හි Stephen Woo හා   Brian Berkeley යන මහත්වරුන් අතින් නම්‍යශීලී තිර සහිතව නිපදවූ උපාංග කීපයක්ම ඉදිරිපත් කෙරුණා.ඉහත රුපයේ දැක්වෙන්නේ එහි එක අවස්ථාවක්.මෙම තාක්ෂනය ඔවුන් Youm නමින් නම් කොට තිබෙනවා.නැවිය හැකි,රෝල් කල හැකි මෙම තිර ඉදිරියේදී smartphones, tabs සඳහා භාවිත කිරීමට samsung සුදානම් වනවා.මෙම තාක්ෂනය නිසා අදාල උපාංග භාවිතය පහසු වනවා පමණක් නෙවෙයි ආරක්ෂාවත් වැඩි වෙනවා කියලයි විචාරකයන් පවසන්නේ.රෝල් කරලා සාක්කුවේ ගෙන යන්න පුළුවන් විදිහෙ tabs,notebooks වෙළඳපලට නිකුත්වන කාලේ වැඩි ඈතක නෙවෙයි.





Nokia සමාගම lumia දුරකථන මාදිලි නිපදවීම ඇරඹීමත් සමග Smartphone නිපදවන සමාගම් අතර තරඟයට ඔවුන්ටද එලඹිමට හැකි වුණා.windows 8 මෙහෙයුම් පද්ධතිය සමග පැමිණෙන මෙම දුරකථන වල උසස් තත්වයෙන් යුත් තිරය,කැමරාව ආදී බොහෝ ගුණාංග නිසා ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත වුණා.
                               2013 ජූලි මාසයේදී ජාත්‍යන්තර වෙළඳපලට නිකුත් කරන ලද නොකියා Lumia 1020 දුරකථනය ගැනයි මේ විස්තරය.
ලංකාවේ වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින 4G ජාල හරහා අන්තර්ජාලය සැරිසැරීමට හැකියාව පවතින Nokia Lumia 1020 දුරකථනය 2 GB මතකයකින්ද 64 GB internal memory එකකින්ද යුක්තයි.මෙගා පික්සල් 41 (41 MP)  සහිත කැමරාවෙන් 7152x 5368 pixels තරම් විබෙදනයකින් යුත් ඉතා උසස් තත්වයේ චායාරුප ගැනීමට හැකි වීමත් 1080p තරම්  ගුණාත්මක බැවින් යුතු Video recording හැකියාවක් තිබීමත් මෙහි විශේෂත්වයක්.






ඉහල අහසේ ඇති චන්ද්‍රිකා වල සිට මිනිසුන්,වාහන රූපගත කිරීමේ දර්ශන ඇතැම් චිත්‍රපට වල අප දැක තිබේ. මෙම පුවත සැබෑ ලෝකයේ නිපදවූ එවන් කැමරාවක් පිළිබඳවයි.

DARPA(Defence Advanced Research Projects Agency)  නම් ඇමරිකානු සමාගම විසින් මෙම කැමරාව යුධ කටයුතු සඳහා වඩාත් යෝග්‍ය වන අයුරින් නිපදවා ඇත.

ARGUS-IS නමින් හදුන්වන මෙම කැමරාව 1.8 GP (Giga Pixels) කින් සමන්විතය.එහි හැකියාවන් පිලිබඳ හෙළිදරව් කරන DARPA සමාගම පවසා සිටින්නේ පෘථිවියේ සිට අඩි   17 500ක් පමණ උසක සිට වර්ග සැතපුම් 15ක පරාසයක් ආවරනයවන පරිදි රුපගතකිරීමට හැකි බවත්, එපමණ උසක සිට වුවද අඟල් 6ක පමණ කුඩා වස්තුවක් පවා ඉතා පැහැදිලිව රූපගත කිරීමට හැකි බවයි.
පහත වීඩියෝපටය එම කැමරාව පිළිබඳවයි.



-->



මිනිසා සඳට පා තැබීමෙන් පසුව ගතවූ දශක කීපය තුල නිතරම කතාබහට ලක් උනේ සඳ තුල ජීවයක් පවතීද යන්න පිළිබඳව හා එහි අලුතින් ජනාවාස පිහිටුවීම සම්බන්ධවයි.ලෝකයේ බලවත් යැයි සම්මත රටවල් සඳෙහි ජනාවාස ඉදිකිරිම පිලිබඳ දිගින්දිගටම පරීක්ෂණවල යෙදුනහ.
දැන් එම පරීක්ෂණ වල සාර්ථකත්වයට ආසන්නවෙමින් පවතින බව හෙළිකොට සිටින ඔවුන්, ඒ සඳහා වන සැලසුම් ද විවධ වෙබ් අඩවි වලින්  ප්‍රසිද්ධකොට තිබේ.

ඒ අනුව ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතයෙන් සඳ මතුපිට ගොඩනැගිලි ඉදිකිරීමට මේ වන විට සැලසුම්කොට තිබේ.මෙම ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනය සොයාගැනුනේ 2010දි Washington සරසවිය මගිනි.සිලිකන්, ඇලුමිනියම්, කැල්සියම්, යකඩ හා මැග්නීසියම් ඔක්සයිඩ් අඩංගු ප්‍රවරණ පාෂාණ මගින් ඝන ද්‍රව්‍ය මුද්‍රණය කල හැකි බව ඔවුන් විසින් සොයාගනු ලැබිය.යුරෝපිය අභ්‍යාවකාශ ඒජන්සිය හා තවත් සංවිධාන කීපයක් එක්වීමෙන් එම තාක්ෂනය යොදාගනිමින් සඳ මතුපිට ගොඩනැගිලි ඉදිකිරීමට හැකි ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර නිපදවනු ලැබ ඇත.

රොබෝ යන්ත්‍ර මගින් පාලනය කරනුලබන 3D printers මගින් ගොඩනැගිලි ඉදිකරනුලබන අතර, එහි ආදර්ශනයක් පෘථිවිය මතුපිටදී රික්ත කුටීරයක් තුල නිර්මානය කල කෘතීම, චන්ද්‍රයාගේ පරිසරයට සමාන පරිසරයක් ගොඩනැගීමෙන් සිදුකර ඇත.සඳෙහි දක්ෂිණ ධ්‍රැවයෙහි ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය 2020 පමණ වනවිට ඇරඹීමට නියමිතව ඇත.

-->


Facebook, අදවනවිට බොහොමයක් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතවලට ඉතා සමීප සමාජ ජාල වෙබ් අඩවියක් බවට පත්ව තිබේ.ඒ නිසාම එය දිනෙන් දින භාවිතාකරන්නන්ට පහසු වන අන්දමේ නව විශේෂාංග ද සමග වැඩිදියුණු වෙමින් පවතී.මේ දිනවල ඔවුන්ගේ නවතම ඉදිරිපත්කිරීම Status Updates යෙදීම පිළිබඳවයි.



මෙහිදී සාමාන්‍ය Text Status සමග Emoticons භාවිතයෙන් Feelings හා Reading, Eating, Watching, Drinking ආදී ලෙස විවිධ ක්‍රියාකාරකම් එකතුකිරීමේ හැකියාවද පවතී.මේ සම්බන්ධව වැඩි දුර අත්හදාබැලීම් කරගෙන යන බවත්, ඒවා සාර්ථක වුවහොත් තවත් විශේෂාංග එකතුකර ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තුවන බවත් Facebook දන්වාසිටි.





Microsoft සමාගම සිය Office සංස්කරණ පෙළෙහි නවතම සංස්කරණය Office 2013 ලෙස එළිදැක්වීමට සුදානම් වෙයි.
මෙය, මෙතෙක් කල් පැවති සම්ප්‍රදායික Office පැකේජ වල ලක්ෂණයන්ට වඩා වෙනස්, සුවිශේෂී ගුණාංග කීපයක්ම සහිතව නිර්මාණය කොට ඇති බව Microsoft සමාගම පවසයි. Word, Excel, Powerpoint හා Outlook, ස්පර්ශ සංවේදී(Touch Screen) තිර සහිත පරිගණක වලට වඩාත් යෝග්‍ය වන අන්දමින් ප්‍රතිනිර්මානයකොට ඇති අතරම, මෙම වැඩසටහන් භාවිතා කරන අතරතුර අන්තර්ජාලය සමග සම්බන්ධතා පැවැත්වීමේ හැකියාවද පුලුල්කොට තිබේ.Office සමග වැඩකරන අතර අලුත් කොටස්(eg: Apps) ඒ වෙත Download කරගැනීම,Skype Video chat කිරීම,Britannica විශ්වකොෂයෙන් පහසුවෙන් ප්‍රයෝජන ගැනීමට හැකිවීම,තැම්පත් කලයුතු දෑ Skydrive නම් Cloud එකෙහි තැම්පත් කල හැකිවීම ආදිය ඉන් ප්‍රධානයි.
කෙසේ වෙතත් මෙය Android හා Apple උපාංග සමග ක්‍රියා නොකරන බවයි Microsoft පවසා සිටින්නේ. Office 2013 හි නිපදවීමේ කටයුතු අවසන්ව ඇතත් මේ වසරේ පළමු කාර්තුව නිමවනතුරු මහජනතාව වෙත ඉදිරිපත්කිරීමට නොහැකි බවද ඔවුන් දැනුම්දී තිබේ.
-->


Xperia Z යනු Sony සමාගම විසින් අලුතින්ම නිකුත් කරනලද Smartphone මාදිලියයි.මෙම දුරකථනය සුවිශේෂී ගුණාංග රාශියක් සමග එළිදැක්වුවකි.මෙහි ජලයට ඔරොත්තු දීමේ ගුණාංගයට වඩා ඒ සමග එන  One Touch Sharing තාක්ෂනය පිලිබඳ පාරිභෝගිකයන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබේ.මක්නිසාදයත්, Xperia Z සිට විවධ උපාංග වෙත අදාල උපාංග සමග එක් වරක් ස්පර්ශ කිරීමෙන් පමණක් Files හුවමාරු කරගත හැකි වීමයි.NFC(Near Field Communication) තාක්ෂනය මත පදනම් වූ මෙම සුවිශේෂී ගුණාංගය විවධ ආකාරයට භාවිතා කල හැක.
One Touch Listening - දුරකතනයේ ඇති ගීත HiFi Music System එක වෙත පසුවෙන් යොමුකොට සවන්දීම
 One Touch Sharing/backup- දුරකතනයේ ඇති කැමරාවෙන් ලබාගන්නා ඡායාරුප හෝ Video පට  Tablet පරිගණකයට යොමුකිරිම.
 One Touch Mirroring- දුරකතනයේ ඇති ඡායාරුප,Video ආදිය රූපවාහිනියෙන් බලාගත හැකි පරිදී සැකසීම.මෙය සිදුකල යුත්තේ දුරකථනය හා රුපවාහිනිය ස්පර්ශ කිරීමෙන් නොව එහි Remote කන්ට්‍රෝලරය ස්පර්ශ කිරීමෙන් වීම විශේෂත්වයකි.
 One Touch Sharing පිලිබඳ මනා අවබෝධයක් පහත Video පටය නැරඹීමෙන් ලබාගත හැක.





-->


 iPad, ලොව පෙරලියක් සිදුකල තාක්ෂණික උපාංගයක් බව අප සියලු දෙනා දන්නා කරුණකි.එහි පවතින අසමසම තාක්ෂනය හා සුපිරි නිමැවුම හේතුවෙන් මෙම Apple උපාංග බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය.

                                              iPad පරපුරේ මීලග සාමාජිකයා Fourth Generation iPad හෙවත් iPad 4, 128 GB නිකුත්කිරීමේ සුදානමක් පවතින බව Apple හි නිවේදනයක් උපුටා දක්වන 9To5Mac වෙබ් අඩවිය හෙළිකොට සිටී.
එහි මිල ගණන් පිලිබඳ ප්‍රකාශකොට නැතත්, විශේෂ ගුණාංග කීපයක් පිළිබඳව නම් දක්වා තිබේ.
සුදු හා කළු යන වර්ණ දෙකෙන්ම නිපදවීමට නියමිත iPad 4, WiFi only හා WiFi + Cellular ලෙස මාදිලි දෙකකින් ලබාගත හැක.Retina Display එකක් ද සහිත මෙය සමග, ලගදීම එළිදක්වන iOS 6.1 මෙහෙයුම් පද්ධතිය ද iTunes 11 ප්ලේයරය ද නිකුත්වීමට නියමිතව ඇත.


    අන්තර්ජාලය බිහිවූ මුල් කාලයේ සිට පැවති  Web Browser වලට වඩා පසුකාලීනව එළිදැක්වුණු Google Chrome වර්තමානය වනවිට අන්තර්ජාලය පරිහරණය කරන මිලියන ගණනක් දෙනා අතර  ජනප්‍රියම බ්‍රවුසරය බව සැවොම දන්නා කරුණකි.ඒ, භාවිත කරන්නාට පහසු වන ආකාරයට එහි අඩංගු කොට ඇති  සුවිශේෂී ගුණාංග හේතුවෙනි.

එසේ සාර්ථකත්වයක් ලද Chrome, දැන් Smartphones හා Tab  සදහා වන Web Browser අතර තරඟයටද එළඹ තිබේ.Android හා iOS මෙහෙයුම් පද්ධති ධාවනය වන උපාංග සදහා නිකුත්කොට ඇති  Google Chrome, Android 4.0 වලට පසු පැමිණි Version වලට හා iOS 4.3 වලට පසු පැමිණි Version වලට යෝග්‍ය පරිදි එළිදක්වා තිබේ.
කෙසේ වෙතත් දැනට පවතින Browser  වලට හොඳ තරගයක් දෙමින් ඉදිරියට පැමිණෙන බ්‍රවුසරයක් ලෙස Google Chrome හදුනාගත හැක.
පහත link එක මගින් ඕබේ mobile device එකට Google Chrome ලබාගත හැක.

Get Google Chrome for your mobile device


 Open Source Smartphone මෙහෙයුම් පද්ධති ජනප්‍රිය වෙමින් පවතින වර්තමානයේ Mozilla සමාගම විසින් ද මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමට සැලසුම්කොට තිබේ.ඒ Firefox OS ය.Mozilla සමාගම නිවේදනයකොට ඇති අන්දමට ස්පාඤ්ඤ දුරකථන නිෂ්පාදන සමාගමක් වන Geeksphone ආයතනය සමග එක්ව Firefox OS සහිත Smartphones එළිදැක්වීමට නියමිතය.
Keon සහ Peak යන කේත නාම වලින් හැදින්වෙන මාදිලි දෙකකින් මෙම දුරකථන වෙළදපලට නිකුත්වේ.
Keon මාදිලිය අඟල් 3.5 තිරයකින්,3 MP කැමරාවකින් හා Qalcomm Snapdragon S1 Processor එකකින් සමන්විතවන අතර  Peak මාදිලිය අඟල් 4.3 තිරයකින්,8 MP කැමරාවකින් හා Qalcomm Snapdragon S2 Processor එකකින් සමන්විතය.
මෙම Smartphones ලබනමස(Feb) වෙළදපලට නිකුත්වීමට නියමිතයි.



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන Dialog ඉතා සුවිශේෂී පියවරක් ඉදිරියට තැබීමට මෑතකදී කටයුතු කළා.ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 4G තාක්ෂණය හදුන්වා දෙමිනි.කොළඹ කේන්ද්‍රකොට ගනිමින් 4G LTE(Long term evolution) ආවරණය කිරීම ආරම්භකොට ඇති අතර නුදුරු අනාගතයේ ඔබේ නගරයටත් 4G ආවරණය ලැබෙනු ඇති.
4G සඳහා වන පැකේජ, Home සහ Office ලෙස රුපියල් 1400 සිට ඉදිරිපත්කෙරෙන අතර  අවමය 4mbps සිට  Download Speed එකක් සහිතව 25GB දත්ත ප්‍රමාණයක් ලබාගත හැකි බව Dialog දන්වා සිටී.

පැකේජ පිලිබඳ වැඩිදුර විස්තර පහත link එක මගින් Dialog වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

Dialog 4G LTE Packages


Apple සමාගම විසින් හදුන්වාදුන් iPhone ජංගම දුරකථනය සන්නිවේදන ඉතිහාසයේ පෙරලියක් ඇතිකිරීමට සමත් වූ බව අප සැවොම දන්නා කරුණකි.ඒ එහි නවතම තාක්ෂණය හා පෙනුම හේතුකොටගෙනයි.

නමුත් iPhone හා සමගාමිව Samsung සමාගම විසින් නිපදවනු ලැබූ Galaxy ජංගම දුරකථනය ද iPhone හි පෙනුම හා ගුණාංග වලින් සමන්විත වීම Apple සහ Samsung සමාගම් අතර ගැටුමක් ඇතිකිරීමට හේතු වුණා.මේ සම්බන්ධව Apple සමාගම  Samsung සමාගමට විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් කටයුතු කළා.

නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව iPhone හි අලවිය Samsung  Galaxy අභිබවා ගොස් ඇති බව හෙළිවී ඇත.පසුගිය අවුරුදු කීපය තුල iPhone 4, iPhone 4S හා iPhone 5 යන Apple ජංගම දුරකථන වල අලවියත් Galaxy S හා Galaxy note යන Samsung ජංගම දුරකථන වල අලවියත් සැලකීමෙන් මෙම සමීක්ෂණය සිදුකොට ඇත.



Smartphones පිළිබද කතාකිරීමේදී  Android මෙහෙයුම් පද්ධතිය පිලිබදව ව කතා නොකරම බැරිය.වර්තමානයේදී ලොව භාවිතා වන Smartphones අතරින් වැඩි ප්‍රමාණයක් Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වුණු ඒවා වේ.නමුත් මෙම ප්‍රවෘතිය Android වලට එතරම් සුභදායක එකක් නම් නොවේ.

Android මෙහෙයුම් පද්ධතිය සමග තරග කිරීමට සමත් Linux පාදක කොටගත් Ubuntu මෙහෙයුම් පද්ධතිය ලගදීම එළිදැක්වීමට නියමිතය.මෙය 100% ක් Open Source මෙහෙයුම් පද්ධතියක් බැවින් Android හට තරගයක් දීමට සමත් වේ යයි විචාරකයින් අදහස් පළකරයි.ඒ, Android මෙහෙයුම් පද්ධතිය Open Source ලෙස ප්‍රසිද්ධ වුනත් එය 100%ක්ම එසේ  නොවන බැවිනි.

දැනට සැලසුම්කොට ඇති අන්දමට Samsung සමාගමේ Galaxy Nexus ජංගම දුරකථනය Ubuntu මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වීමට නියමිතය.මෙසේ සකස් කල ජංගම දුරකතනයක් මෙම මස(jan)  Las-Vegas හි පැවතී Consumer Electronics Show(CES) 2013 හිදී ප්‍රදර්ශනය කෙරිණි.


Temple Run 2 ක්‍රීඩාව Apple iOS සඳහා නිකුත් වී දින හතරක් තුලදී Apple App store වෙතින් බාගත කිරීම් මිලියන 20ක් වාර්තා වූ බව එය වැඩිදියුණු කරන imangi studios සමාගම පවසයි.එහි සාර්ථකත්වය දක්වමින් ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ මෙම game එක ප්‍රසිද්ධ කොට පළමු පැය 8 ගතවූ පසු එය නොමිලේ ලබාදෙන apps අතරින් ඉහලම ස්ථානයට  පැමිණි බවයි.
Temple Run 2 හි Android සංස්කරණය ලබන බ්‍රහස්පතින්දා(24) නිකුත් වීමට නියමිතයි.
Copyright © 2012 Technology News.