Microsoft Office 2013...



Microsoft සමාගම සිය Office සංස්කරණ පෙළෙහි නවතම සංස්කරණය Office 2013 ලෙස එළිදැක්වීමට සුදානම් වෙයි.
මෙය, මෙතෙක් කල් පැවති සම්ප්‍රදායික Office පැකේජ වල ලක්ෂණයන්ට වඩා වෙනස්, සුවිශේෂී ගුණාංග කීපයක්ම සහිතව නිර්මාණය කොට ඇති බව Microsoft සමාගම පවසයි. Word, Excel, Powerpoint හා Outlook, ස්පර්ශ සංවේදී(Touch Screen) තිර සහිත පරිගණක වලට වඩාත් යෝග්‍ය වන අන්දමින් ප්‍රතිනිර්මානයකොට ඇති අතරම, මෙම වැඩසටහන් භාවිතා කරන අතරතුර අන්තර්ජාලය සමග සම්බන්ධතා පැවැත්වීමේ හැකියාවද පුලුල්කොට තිබේ.Office සමග වැඩකරන අතර අලුත් කොටස්(eg: Apps) ඒ වෙත Download කරගැනීම,Skype Video chat කිරීම,Britannica විශ්වකොෂයෙන් පහසුවෙන් ප්‍රයෝජන ගැනීමට හැකිවීම,තැම්පත් කලයුතු දෑ Skydrive නම් Cloud එකෙහි තැම්පත් කල හැකිවීම ආදිය ඉන් ප්‍රධානයි.
කෙසේ වෙතත් මෙය Android හා Apple උපාංග සමග ක්‍රියා නොකරන බවයි Microsoft පවසා සිටින්නේ. Office 2013 හි නිපදවීමේ කටයුතු අවසන්ව ඇතත් මේ වසරේ පළමු කාර්තුව නිමවනතුරු මහජනතාව වෙත ඉදිරිපත්කිරීමට නොහැකි බවද ඔවුන් දැනුම්දී තිබේ.
-->

0 comments:

Xperia z සමග එන One Touch Sharing....



Xperia Z යනු Sony සමාගම විසින් අලුතින්ම නිකුත් කරනලද Smartphone මාදිලියයි.මෙම දුරකථනය සුවිශේෂී ගුණාංග රාශියක් සමග එළිදැක්වුවකි.මෙහි ජලයට ඔරොත්තු දීමේ ගුණාංගයට වඩා ඒ සමග එන  One Touch Sharing තාක්ෂනය පිලිබඳ පාරිභෝගිකයන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබේ.මක්නිසාදයත්, Xperia Z සිට විවධ උපාංග වෙත අදාල උපාංග සමග එක් වරක් ස්පර්ශ කිරීමෙන් පමණක් Files හුවමාරු කරගත හැකි වීමයි.NFC(Near Field Communication) තාක්ෂනය මත පදනම් වූ මෙම සුවිශේෂී ගුණාංගය විවධ ආකාරයට භාවිතා කල හැක.
One Touch Listening - දුරකතනයේ ඇති ගීත HiFi Music System එක වෙත පසුවෙන් යොමුකොට සවන්දීම
 One Touch Sharing/backup- දුරකතනයේ ඇති කැමරාවෙන් ලබාගන්නා ඡායාරුප හෝ Video පට  Tablet පරිගණකයට යොමුකිරිම.
 One Touch Mirroring- දුරකතනයේ ඇති ඡායාරුප,Video ආදිය රූපවාහිනියෙන් බලාගත හැකි පරිදී සැකසීම.මෙය සිදුකල යුත්තේ දුරකථනය හා රුපවාහිනිය ස්පර්ශ කිරීමෙන් නොව එහි Remote කන්ට්‍රෝලරය ස්පර්ශ කිරීමෙන් වීම විශේෂත්වයකි.
 One Touch Sharing පිලිබඳ මනා අවබෝධයක් පහත Video පටය නැරඹීමෙන් ලබාගත හැක.





-->

0 comments:

iPad 4 128GB ලඟදිම...



 iPad, ලොව පෙරලියක් සිදුකල තාක්ෂණික උපාංගයක් බව අප සියලු දෙනා දන්නා කරුණකි.එහි පවතින අසමසම තාක්ෂනය හා සුපිරි නිමැවුම හේතුවෙන් මෙම Apple උපාංග බෙහෙවින් ජනප්‍රියත්වයට පත්විය.

                                              iPad පරපුරේ මීලග සාමාජිකයා Fourth Generation iPad හෙවත් iPad 4, 128 GB නිකුත්කිරීමේ සුදානමක් පවතින බව Apple හි නිවේදනයක් උපුටා දක්වන 9To5Mac වෙබ් අඩවිය හෙළිකොට සිටී.
එහි මිල ගණන් පිලිබඳ ප්‍රකාශකොට නැතත්, විශේෂ ගුණාංග කීපයක් පිළිබඳව නම් දක්වා තිබේ.
සුදු හා කළු යන වර්ණ දෙකෙන්ම නිපදවීමට නියමිත iPad 4, WiFi only හා WiFi + Cellular ලෙස මාදිලි දෙකකින් ලබාගත හැක.Retina Display එකක් ද සහිත මෙය සමග, ලගදීම එළිදක්වන iOS 6.1 මෙහෙයුම් පද්ධතිය ද iTunes 11 ප්ලේයරය ද නිකුත්වීමට නියමිතව ඇත.

0 comments:

Google Chrome දැන් Mobile Device වලටත්...


    අන්තර්ජාලය බිහිවූ මුල් කාලයේ සිට පැවති  Web Browser වලට වඩා පසුකාලීනව එළිදැක්වුණු Google Chrome වර්තමානය වනවිට අන්තර්ජාලය පරිහරණය කරන මිලියන ගණනක් දෙනා අතර  ජනප්‍රියම බ්‍රවුසරය බව සැවොම දන්නා කරුණකි.ඒ, භාවිත කරන්නාට පහසු වන ආකාරයට එහි අඩංගු කොට ඇති  සුවිශේෂී ගුණාංග හේතුවෙනි.

එසේ සාර්ථකත්වයක් ලද Chrome, දැන් Smartphones හා Tab  සදහා වන Web Browser අතර තරඟයටද එළඹ තිබේ.Android හා iOS මෙහෙයුම් පද්ධති ධාවනය වන උපාංග සදහා නිකුත්කොට ඇති  Google Chrome, Android 4.0 වලට පසු පැමිණි Version වලට හා iOS 4.3 වලට පසු පැමිණි Version වලට යෝග්‍ය පරිදි එළිදක්වා තිබේ.
කෙසේ වෙතත් දැනට පවතින Browser  වලට හොඳ තරගයක් දෙමින් ඉදිරියට පැමිණෙන බ්‍රවුසරයක් ලෙස Google Chrome හදුනාගත හැක.
පහත link එක මගින් ඕබේ mobile device එකට Google Chrome ලබාගත හැක.

Get Google Chrome for your mobile device

0 comments:

Firefox OS සහිත Smartphones එළිදැක්වේ...



 Open Source Smartphone මෙහෙයුම් පද්ධති ජනප්‍රිය වෙමින් පවතින වර්තමානයේ Mozilla සමාගම විසින් ද මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කිරීමට සැලසුම්කොට තිබේ.ඒ Firefox OS ය.Mozilla සමාගම නිවේදනයකොට ඇති අන්දමට ස්පාඤ්ඤ දුරකථන නිෂ්පාදන සමාගමක් වන Geeksphone ආයතනය සමග එක්ව Firefox OS සහිත Smartphones එළිදැක්වීමට නියමිතය.
Keon සහ Peak යන කේත නාම වලින් හැදින්වෙන මාදිලි දෙකකින් මෙම දුරකථන වෙළදපලට නිකුත්වේ.
Keon මාදිලිය අඟල් 3.5 තිරයකින්,3 MP කැමරාවකින් හා Qalcomm Snapdragon S1 Processor එකකින් සමන්විතවන අතර  Peak මාදිලිය අඟල් 4.3 තිරයකින්,8 MP කැමරාවකින් හා Qalcomm Snapdragon S2 Processor එකකින් සමන්විතය.
මෙම Smartphones ලබනමස(Feb) වෙළදපලට නිකුත්වීමට නියමිතයි.

0 comments:

Dialog වෙතින් 4G LTE තාක්ෂණය අත්විඳින්න...



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන ජාලයක් වන Dialog ඉතා සුවිශේෂී පියවරක් ඉදිරියට තැබීමට මෑතකදී කටයුතු කළා.ඒ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 4G තාක්ෂණය හදුන්වා දෙමිනි.කොළඹ කේන්ද්‍රකොට ගනිමින් 4G LTE(Long term evolution) ආවරණය කිරීම ආරම්භකොට ඇති අතර නුදුරු අනාගතයේ ඔබේ නගරයටත් 4G ආවරණය ලැබෙනු ඇති.
4G සඳහා වන පැකේජ, Home සහ Office ලෙස රුපියල් 1400 සිට ඉදිරිපත්කෙරෙන අතර  අවමය 4mbps සිට  Download Speed එකක් සහිතව 25GB දත්ත ප්‍රමාණයක් ලබාගත හැකි බව Dialog දන්වා සිටී.

පැකේජ පිලිබඳ වැඩිදුර විස්තර පහත link එක මගින් Dialog වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

Dialog 4G LTE Packages

0 comments:

iPhone සහ Galaxy සටන



Apple සමාගම විසින් හදුන්වාදුන් iPhone ජංගම දුරකථනය සන්නිවේදන ඉතිහාසයේ පෙරලියක් ඇතිකිරීමට සමත් වූ බව අප සැවොම දන්නා කරුණකි.ඒ එහි නවතම තාක්ෂණය හා පෙනුම හේතුකොටගෙනයි.

නමුත් iPhone හා සමගාමිව Samsung සමාගම විසින් නිපදවනු ලැබූ Galaxy ජංගම දුරකථනය ද iPhone හි පෙනුම හා ගුණාංග වලින් සමන්විත වීම Apple සහ Samsung සමාගම් අතර ගැටුමක් ඇතිකිරීමට හේතු වුණා.මේ සම්බන්ධව Apple සමාගම  Samsung සමාගමට විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් කටයුතු කළා.

නවතම සමීක්ෂණ වාර්තා වලට අනුව iPhone හි අලවිය Samsung  Galaxy අභිබවා ගොස් ඇති බව හෙළිවී ඇත.පසුගිය අවුරුදු කීපය තුල iPhone 4, iPhone 4S හා iPhone 5 යන Apple ජංගම දුරකථන වල අලවියත් Galaxy S හා Galaxy note යන Samsung ජංගම දුරකථන වල අලවියත් සැලකීමෙන් මෙම සමීක්ෂණය සිදුකොට ඇත.

0 comments:

Android සමග සටනට Ubuntu




Smartphones පිළිබද කතාකිරීමේදී  Android මෙහෙයුම් පද්ධතිය පිලිබදව ව කතා නොකරම බැරිය.වර්තමානයේදී ලොව භාවිතා වන Smartphones අතරින් වැඩි ප්‍රමාණයක් Android මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වුණු ඒවා වේ.නමුත් මෙම ප්‍රවෘතිය Android වලට එතරම් සුභදායක එකක් නම් නොවේ.

Android මෙහෙයුම් පද්ධතිය සමග තරග කිරීමට සමත් Linux පාදක කොටගත් Ubuntu මෙහෙයුම් පද්ධතිය ලගදීම එළිදැක්වීමට නියමිතය.මෙය 100% ක් Open Source මෙහෙයුම් පද්ධතියක් බැවින් Android හට තරගයක් දීමට සමත් වේ යයි විචාරකයින් අදහස් පළකරයි.ඒ, Android මෙහෙයුම් පද්ධතිය Open Source ලෙස ප්‍රසිද්ධ වුනත් එය 100%ක්ම එසේ  නොවන බැවිනි.

දැනට සැලසුම්කොට ඇති අන්දමට Samsung සමාගමේ Galaxy Nexus ජංගම දුරකථනය Ubuntu මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වීමට නියමිතය.මෙසේ සකස් කල ජංගම දුරකතනයක් මෙම මස(jan)  Las-Vegas හි පැවතී Consumer Electronics Show(CES) 2013 හිදී ප්‍රදර්ශනය කෙරිණි.

0 comments:

නිකුත් වී පළමු දින 4 තුල මිලියන 20ක් දෙනා Download කල Game එක



Temple Run 2 ක්‍රීඩාව Apple iOS සඳහා නිකුත් වී දින හතරක් තුලදී Apple App store වෙතින් බාගත කිරීම් මිලියන 20ක් වාර්තා වූ බව එය වැඩිදියුණු කරන imangi studios සමාගම පවසයි.එහි සාර්ථකත්වය දක්වමින් ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ මෙම game එක ප්‍රසිද්ධ කොට පළමු පැය 8 ගතවූ පසු එය නොමිලේ ලබාදෙන apps අතරින් ඉහලම ස්ථානයට  පැමිණි බවයි.
Temple Run 2 හි Android සංස්කරණය ලබන බ්‍රහස්පතින්දා(24) නිකුත් වීමට නියමිතයි.

0 comments:

Sony Xperia Z ගැනයි මේ..






2013 වසර ආරම්භයේදීම Sony සමාගම විසින් ඔවුන්ගේ නවතම Xperia දුරකථන මාදිලිය එළිදක්වනු ලැබීය.
Android 4.2(jelly bean) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වී,Quad-core 1.5 GHz processor එකකින්ද 2 GB RAM ධාරිතාවකින් ද සමන්විත මෙම ජංගම දුරකථනය 4G සහ WiFi තාක්ෂණයෙන්ද සමන්විත වේ.
13.1MP පසුපස කැමරාවක් ද, 2.2MP  ඉදිරිපස කැමරාවක් ද සහිත බැවින් 1080p Video Recording හැකියාව ද සහිත වේ.Xperia මාදිලියේ ප්‍රථම ජලයට ඔරොත්තු දෙන දුරකථනය ලෙස මෙය CES 2013 ප්‍රදර්ශනයේදී එළිදැක්වුණු අතර එළඹෙන මාර්තු මාසයේදී මෙය වෙළඳපලට නිකුත් කිරීමට නියමිතයි.

2 comments:

Google Accounts වෙත පිවිසීමට Password වෙනුවට මුදුවක්..


ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් දිනපතා Google වෙත විවිධ අවශ්‍යතා සදහා පිවිසෙති.භාවිතා කරන්නන්ගේ අවශ්‍යතාව පරිදි අන්තර්ජාල සේවාවන් රාශියක් Google සමාගම මගින් ඉදිරිපත් කිරීම මිට හේතුව ලෙස සැලකිය හැකිය.ඒවා අතුරින් Gmail,Google Search,Google Plus ප්‍රධාන වේ.
දිනෙන් දින Google වට රොක් වන පිරිස වැඩිවන නිසාම ඒ වෙත Hacker කරුවන්ගේ ද අවධානය යොමු වීම වැඩි වී තිබේ.එමනිසා Google Accounts වල Password පිලිබඳ ඇතිවන ගැටළුද වැඩිවී තිබේ.
මේ සම්බන්ධව Google හි ඉංජිනේරු වරු නව විසදුමක් ඉදිරිපත් කොට තිබේ.ඒ, යමෙක් Keyboard එකකින් ටයිප් කරන password එක වෙනුවට පරිගණකය හා සම්බන්ධ කල හැකි පහසුවෙන් එහාමෙහා ගෙන ය හැකි දෘඩාංගයක් හඳුන්වා දීමයි.
මෙය මුදුවක් ලෙසම නිර්මාණය කරන බව නිශ්චිතව දක්වා නැතත්, භාවිත කරන්නාගේ පහසුව පිළිබඳව වැඩි අවධානයක් යොමුකොට නිර්මාණය කරන බව ඔවුන් කියා සිටී.
වරෙක මෙය USB Token එකක් ලෙස නිර්මාණය කිරීමට අදහස් ඉදිරිපත් වුවත් USB මගින් පරිගණකයට සම්බන්ධ කරනවාට වඩා Bluetooth වැනි wireless තාක්ෂණයක් භාවිතා කළහොත් වැඩි පහසුවක් ගෙනදේ යයි අදහස් ඉදිරිපත් වූ බැවින් ඒ ගැනද අවධානයෙන් මෙම දෘඩාංගය නිපදවීමට අදහස් කරන බව Google දන්වා සිටී.

0 comments:

Facebook අලුත්ම වෙනස Graph Search




                                        
                                      මේ අවධානය අපි නිතරම භාවිතා කරන Facebook හි අලුත්ම වෙනස ගැනයි.මේ දින වල බොහෝ දෙනා කතා වන Graph Search ගැන බොහෝ තාක්ෂණික පුවත් පලවන වෙබ් අඩවි වල ද වැඩි අවධානයක් දී තිබුණා.විචාරක මතය වුයේ මෙය Google Search හට තරගයක් දීමේ අරමුණින් එළිදක්වනු ඇති බවයි.

නමුත් Facebook හි නිර්මාතෘ Mark Zuckerberg පවසා ඇත්තේ මෙය සාමාන්‍ය අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක් නොවන බවයි.Facebook සතුව ඇති කිසිවෙකුටත් ප්‍රයෝජනයට ගත නොහැකි, මිලියන ගණනක් මිනිසුන්ගේ දත්ත ගබඩාවෙන් ප්‍රයෝජනයක් ගත හැකි ආකාරයේ සැකසීමක් ලෙස Graph Search හදුනාගත හැක.Facebook පරිශීලනය කරන පුද්ගලයින්ගේ කැමති,අකමැති දේවල් සහ ඔවුන් upload කර ඇති පින්තුර ආශ්‍රයෙන් වෙනස්ම ආකාරයක සෙවුම් යන්ත්‍රයක් ලෙස මෙය වැඩිදියුණු කිරීමට නියමිතය.
ජනවාරි 15 වන දින  අන්තර්ජාලයට මුදා හරින ලද, තවමත් පරීක්ෂණ තත්වයේ(beta) පවතින Graph Search නොබෝ දිනකින් සැබෑ වෙනසක් ඇතිකරනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළකරයි.

පහත Link එක මගින් Graph Search beta අත්විදින්න.

0 comments:

Copyright © 2012 Technology News.